මෛත්‍රි භාවනාව සහ එහි බලය - Pleasure of Mind

For Human's pleasure

Breaking

Home Top Ad

ALL OF YOU WELCOME!THANKS FOR COMING#

Post Top Ad

Responsive Ads Here

Saturday, March 3, 2018

මෛත්‍රි භාවනාව සහ එහි බලය

මෛත්‍රි භාවනාව


*අද  අප  මෛත්‍රි භාවනාව  වඩන හැටි ඉගෙන ගනිමු .

 *මේ භාවනාව ද්වේශයට ප්‍රතිපක්ෂ
* සිත ශාන්ත
කරයි
* රෝග සමනය කරයි
*දුටුවන්ට ප්‍රියවේ

පළමුව අප පිරිසිදු විය යුතුය.චාම් ඇඳුමකින් සැරසෙන්න.පහත රූපයේ අයුරුවලට ඉඳගැනීමට අපහසුනම් කැමති ඉරියව්වක් භාවිතා කරන්න.


මේ භාවනාව හිටගෙන,ඉඳගෙන,නිදියගෙන වුවද වැඩිය හැකිය.
      මෛත්‍රි භාවනාව වඩන ක්‍රම 
    *)දිශා වශයෙන් වැඩීම
  **)තෝර ගත් පුද්ගලයකු වශයෙන්
***)සියලු සත්වයන් අරමුණු කොට ගෙන 

*)දිශා වශයෙන් මෛත්‍රි භාවනාව


   කැමති ඉරියව්වකින් ,පහත සඳහන් ලෙසට හෝ ඔබට අවශ්‍ය අයුරින් වචන භාවිතා කරන්න .
        උතුරු දිශාවේ සිටින සියලුම සත්වයෝ නිදුක්  වෙත්වා ,නීරෝගී වෙත්ව සුවපත් වෙත්වා ,සුවපත් වෙත්වා ,සුවපත්වෙත්වා ...

        උතුරු අනු දිශාවේ සිටින්නාවූ  සියලුම සත්වයෝ නිදුක්  වෙත්වා ,නීරෝගී වෙත්ව සුවපත් වෙත්වා ,සුවපත් වෙත්වා ,සුවපත්වෙත්වා ...

       නැගෙනහිර දිශාවේ සිටින්නාවූ  සියලුම සත්වයෝ නිදුක්  වෙත්වා ,නීරෝගී වෙත්ව සුවපත් වෙත්වා ,සුවපත් වෙත්වා ,සුවපත්වෙත්වා ...

       නැගෙනහිර  අනු දිශාවේ සිටින්නාවූ  සියලුම සත්වයෝ නිදුක්  වෙත්වා ,නීරෝගී වෙත්ව සුවපත් වෙත්වා ,සුවපත් වෙත්වා ,සුවපත්වෙත්වා ...


මෙලෙස දිශා අටටම මෙත් වඩන්න.
උඩු දිශාවටද ,යට දිශාවටද මෙත් පතුරුවන්න .

අවසානයේ දස දිශාවටම මෙත් වඩන්න.ඕනෑම වෙලාවක මෙත් වඩන්න.  

**)පුද්ගයකුට මෙත් වැඩීම 

      
     අවශ්‍ය පුද්ගලයා හිතෙන්  දකිමින් ,අසවලා නිදුක් වෙත්වා  සුවපත් වෙත්වා.... යනුවෙන් ඔහුට සෙත් පතන දේවල්ම කියන්න .

***)සියලු සත්වයන් එකට ගෙන මෙත් වැඩීම 


      සියලු සත්වයෝ සුවපත් වෙත්වා ආදී වශයෙන් සෙත් ප්‍රර්ථනා කරන්න  දිගටම මෙලෙස කරන්න 


මෛත්‍රි භාවනාව  සහ එහි ප්‍රතිපල 

සුවසේ නිදියයි

සුවසේ අවදිවෙයි 

නපුරු සිහින නොදකී

මනුෂ්‍යන්ට,අමනුශ්‍යන්ට සහ දෙවියන්ට ප්‍රිය වෙයි

දෙවියන් ආරක්ෂා කරයි

ගින්නෙන් ,වසවිසෙන්,අවිආයුදවලින් අනතුරක් නොවෙයි

සිත ඉක්මනින් සමාදධිගත වෙයි

සිහි මුලා නොවී කලුරිය  කරයි

රහත් නොඋනොත් බ්‍රහ්මලෝකයේ උපත  ලබයි

තව බොහෝ ප්‍රතිපල ලැබෙයි.අපට කිසිවකු වස දුන්නද අප සිතේ මෙත් භාවය ඇතිද වස විෂ වුවද දිරාපත්වී යයි.මෙවැනි හිතන්නට නොහැකි බොහෝ දේ සත්‍ය මෙත් වැඩීමෙන් ලැබේ.
         

ඉහතින් ඇති භාවනාව ඔබට  උදව් කරාවි.
මෙය  මහත්පල මහානිසංස වෙයි'
සත්පුරුෂයිනි  ,

මෛත්‍රි භාවනාව

          වඩත්වා  

භාවනාව ගැන ප්‍රශ්න ඇත්නම් comment එකක් මඟින් ලබා දෙන්න.සියලු දාන පරදවා ධර්ම දානය දිනන බව නිසා මෙසේ කළෙමු.


       

1 comment:

  1. මහත්පල මහානිසංස මෛත්‍රි භාවනාව වඩා කුසල් රැස කරගන්න.

    ReplyDelete

Post Bottom Ad

Responsive Ads Here

Pages