මායා ගිනිපෙට්ටිය සහ සොල්දාදුවා (2 කොටස) - Pleasure of Mind

For Human's pleasure

Breaking

Home Top Ad

ALL OF YOU WELCOME!THANKS FOR COMING#

Post Top Ad

Responsive Ads Here

Tuesday, March 20, 2018

මායා ගිනිපෙට්ටිය සහ සොල්දාදුවා (2 කොටස)

සොල්දාදුවාගේ ඉරණම වෙනස් කල මායා ගිනිපෙට්ටිය  ඉතිරි කොටස !!!



"කියනකන් දෙන්නෑ."ගිනිපෙට්ටිය දුන්න ගමන් සොල්දාදුවා ලිඳට වට්ටන්න කරන්න තියෙන්නේ ලනුව අතාරින එක පමණයි."

"ගොඩට ගන්නකම් ගිනි පෙට්ටිය  දෙන්නේ නෑ"

"මම උඹට හොද වැඩක් කරනවා."

"මම මේ ගිනිපෙට්ටිය දෙන්නෙම නෑ''

රාස්සී කඹය අතහැරියා .සොල්දාදුවා ලිඳේ පතුලටම වැටුනා.නමුත් ගැඹුරු පතුලක් නොවූ නිසා එතරම් තුවාලයක් නොවීය.
තමාට සිදුවූ දෙය ගැන සොල්දාදුවා කනගාටුවෙන් සිටින අතර ගැලවෙන මාර්ගයක් ගැන කපනා කරමින් සිටියේය.සොල්දාදුවා සීතේ ගැහෙමින් සිටියි.සීතලේ මැරෙන්නට පෙර දුම් පයිප්පය බීමට ගිනි කූරක් ගැසීය.

පුදුමයකි, එකවිටම
පෙර හමුවූ  පළමු වුර්කයා තම ඉදිරියේ පෙනී සිටියා.
"ස්වාමිනී ,මාගෙන් ඉටුවියයුතු සේවය කුමක්ද?"
"මාව ලිඳෙන් එලියට ගනින්."
මොහොතකින් වුර්කය ගොඩට ගෙනාවේය.ගොඩට ආව ගමන් රාස්සීව මරා දැමුවේ තම කඩුවෙනි.

පාර දිගේ ගියො ඔහුට මහ නගරයක් හමු වීය.රෑ බොවූ නිසා ඉස්තරම්ම හෝටලයක නවාතැන් ගත්තේය.ඉස්තරම්ම කෑම ද
ගත්තේය.
පසුදින කඩයකට ගොස් හොඳ සපත්තු,ඇඳුම්, ගත්තේය.

මෙසේ  මිල අධික දේවල් ගැනීම නිසා මුදල් ක්‍රමයෙන් නැතිවී ගියේය.සල්ලි නැතිවූ පසු මුඩුක්කු නිවාසයකට ගොස් රැය පහන් කළේය.අධික සීතල නිසා ගිනිගොඩක් පත්තු කිරීමට ගිනි කූරක් ගැසීය.
පුදුමයකි,දෙවන වුර්කයා පෙනීසිටියේය.

"ස්වාමිනී ,මා කැඳවූයෙ ඇයිද? ඔබට අවශ්‍ය කුමක්ද?"
"මට සල්ලි ටිකක් අරන් වරෙන්"
"තඹ කාසී ගෝනියක් පිටේ ගෙන ඌ නැවත  පැමිණියා.තවත් ගිනි කුරු ගැසූ විට අනෙක් වුර්කයන් ද රන් හා රිදී කාසී ගෝනි බැගින් ගෙන පැමිණියා.දැන් ඔහුට වඩා පොහොසතෙකු නගරයේ නැත.

දිනක් ඔහුගේ යහළුවෙක් රජතුමාගේ දුව ගැන මෙසේ  කීවේය . 
"මේ රටේ ඉන්න සියලුම ගෑනුන්ට වඩා ලස්සනයි අපේ රජ කුමරිය .එයා වගේ රූපරාජිණියක් මේ අහල පහල රටකවත් නෑ ."

"මට හරි ආසයි කුමාරිකාව දකින්න . එත් කොහොමද එයා දැකගන්නේ .ඒකට අවස්ථාවක් ගන්නේ කොහොමද ?"සොල්දාදුවා යහළුවගෙන් ඇසීය .
"බැහැ බැහැ  කොහොමටවත් බැහැ .රජතුමාටයි බිසවටයි විතරයි කුමාරිකාව දකින්න පුළුවන්.පුංචිකාලේ එයාගේ අනාගතය සාස්තරකාරයෙක් බලලා තියෙනවා;කියලා තියෙනවා සරණපාවා ගන්නේ සොල්දාදුවෙක් කියලා .ඒක නිසා කාටවත් කුමාරිකාව දකින්න බැහැ."

අවුරුදු ගණනක් රජතුමාට සේවය කරලා කිසිත්  වැටුපක් නැතුව අවසානේ පාරට බහින්නත් වුනා.මේ ගැන කල්පනා කරලා හිතා ගත්තා රජතුමාගෙන් වාඩුව ගත යුතුයි කියලා.සස්තරකරුගේ අනාගත වාක්‍යද කුමාරිකාව ගෙන ඒමට ඔහුට රුකුලක් විය.

තම මායා ගිනිපෙට්ටිය අතට ගෙන කූරක් ගසා  විශාලම වුර්කයා ගෙන්නුවා.ගිහින් කුමාරිකාව ගේන්න කියලා කිව්වා.වුර්කයා කුමාරිකාව ගෙනාවා.කතාව ඇත්ත,මෙතරම් ලස්සන කුමාරිකාවක් මීට පෙර දැක නොතිබු  සොල්දාදුවාට කුමාරිකාව ගැන ආදරයක් ඇතිවුනා.

ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.

1 comment:

Post Bottom Ad

Responsive Ads Here

Pages