කාමයන්හි ආදීනව කෙටිකතාවක් ඇසුරින් - Pleasure of Mind

For Human's pleasure

Home Top Ad

ALL OF YOU WELCOME!THANKS FOR COMING#

Post Top Ad

Wednesday, March 14, 2018

demo-image

කාමයන්හි ආදීනව කෙටිකතාවක් ඇසුරින්

Responsive Ads Here

 අධික දුක් විපාක දෙන කාමයන්ගේ ආදීනව 


images+%25289%2529

කාමයන්හි ආදීනව ආනන්ද තෙරුන් වහන්සේගේ පෙර භාවය ඇසුරින් කියමි.අප බුදු සසුනෙහි සතිමන්ත ,ගතිමන්ත,ධිතිමන්ත,බහුශ්‍රැත,අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ ද පෙර ජීවිතයක ධනවත් රන්කරුවෙක් වී සිටියදී පරදාර සේවනයේ යෙදී
බොහෝ දුක් විපාක වින්දේය.එදා රන්කරු කාලයේ කළා වූ පාපකර්මය අළු යට ගිනි මෙන් අවකාශයක් නොලබා කුසල කර්මයක විපාක වශයෙන් සිටුපුත්රයකු වී ඉපදුනා.

එහිදී කල්‍යාන මිත්‍ර ඇසුර නිසා බොහෝ කුස කාර්ම සිදු කළා.නමුත් පෙර රන්කරු අවදියේ කල පාපකර්මය නිසා නැවතේ කර්මය පල දී මිය ගොස් රෞරව මහා නරකයෙහි ඉපිද බොහෝ කාලයක් පැසුනේය.බොහෝ දුක් වින්ද එයින් චුතව පරදාර කර්මයේ ප්‍රතිවිපාක වලට අනුව මහත් බලසම්පන්න යානා අදින උදුරන ලද බීජ ඇතිව එළුවෙක් වී උපන්නා.එයින් ද මැරී ගොස් වඳුරු යෝනියෙහි ඉපිද උදුරන ලද ඵල ඇත්තේ දුක් වින්දේය.
ඉන් මැරී ගොස් දසන්ත රට මහත් බලවත් වූ ගොනෙක් වී බීජෝද්ධාරණය කොට(දෙනුන් ගැබ් ගැන්විය නොහැකි කොට)ගල් අදිමින් පරදාර සේවනයෙහි කර්ම විපාක විඳ පසුව වෑදෑ රට ස්ත්රියක්ද ,පුරුෂයෙක්ද නොවූ නපුංසකයෙක් ඩ වී උපන්නා.පසුව මැරී ගොස් තව්තිසා දිවය ලෝකයේ දෙවඟනක් වී උපන්නා.

මෙසේ නැවත තුන් වතාවක් ම සක් දෙවිඳුගේ පාද චාරිකාවක් වීද,නැවත දෙවරක් ම ජවන නම් දෙවි පුතුට අග මෙහෙසිය ද වී ඉන් චුතව අන්ගාති රජු ගේ අග මෙහෙසියගේ කුස පිළිසිඳගෙන රූජා නම් රාජ කන්‍යාවක් වී ඒ භාවයෙන් අතමිදී තව්තිසා දෙව් ලොව මහත් ආනුභාව සම්පන්න දිවය පුත්‍රයෙක්ව උපන්නේය.

මෙසේ පාරමී පුරන්නාවූ මහත් පුන්යවන්තයන්ට පවා සසර පරදාර සේවනය හේතුවෙන් මහත් දුක් විපාක විඳින්නට වුනා.එබැවින් සසර සැප කැමති සත් පුරුෂයින් විසින් පර පුරුෂ ,පර ස්ත්‍රී සේවනයෙන් තම ජීවිතය ආරක්ෂා කර ගනිත්වා.
                                 -පුජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමිගේ "කර්ම විපාක" නම් කෘතියෙන් ලබා ගත්තෙමි.-

1 comment:

  1. blogger_logo_round_35

    සත්පුරුෂය, කාමයන්හි ආදීනව දැන ගන්න.

    ReplyDelete

Post Bottom Ad

Pages