මායා ගිනිපෙට්ටිය සහ සොල්දාදුවා (1 කොටස) - Pleasure of Mind

For Human's pleasure

Home Top Ad

ALL OF YOU WELCOME!THANKS FOR COMING#

Post Top Ad

Monday, March 19, 2018

demo-image

මායා ගිනිපෙට්ටිය සහ සොල්දාදුවා (1 කොටස)

Responsive Ads Here

සොල්දාදුවාගේ ඉරණම වෙනස් කරන මායා ගිනිපෙට්ටිය 

                             
063016-Royal-Wedding-Princess-Hajah-Hafizah-Sururul-Bolkiah-Pengiran-Haji-Muhammad-Ruzaini

 එක්තරා රටක රජකෙනෙකුට සොල්දාදුවකු හිටියා.ඔහුට කිසි දින කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලැබුනේ නෑ.දවසක් කැලයක් මැදින්  යන විට  රාජතුමා ගැන හිතමින් ගියා.ඔහු රජුට අකමැතියි.කවරෙකු නම් මුදල් වලට ආස කරන්නේ නැතිද ?ඔහු ඒ මොහොතේ අසරණයි,මුදල් නැතුව.

මෙසේ යන විට අතරමගදී  රාක්ෂයෙක් මුණ ගැහුනා.ඇත්තටම ඒ ස්ත්‍රී රකුසියක්.
"සාදරයෙන් පිලිගන්නවා.සොල්දාදු වෙකු වගෙයි පෙන්නේ.ඔහේ මේ දුකින් ඇයි?කැමති නැද්ද ලොකු සල්ලි ගොඩක්  ලබා ගන්න හා...."
සොල්දාදුවා ළඟ කිසිදු මුදලක් නෑ.

"සල්ලි ගොඩක් ලබාගන්න කවුරුන් අකමැතිද?එත් කොහොමද
?"සොල්දාදුවා පිළිතුරු දුන්නා.

"අර අතන තියෙන පාලු ලිද පේනවද ?ලිඳට බහින්නයි තියෙන්නේ" රකුසිය කීවාය.

"බැහැල කල යුත්ත කුමක්ද "සොල්දාදුවා ඇසුවා .

"ඒ ලිඳ ඇතුලේ කාමර 3 තියේවි.එක කාමරයක මිනිසෙක් වගේ 5 හෝ 6 ගුණයක්  විශාල වුර්කයෙක් ඉන්නවා .ඌට දිග නියපොතු තියෙනවා.ඌ  උඹව මරලා දාවි."

"කොහොමද මම බේරෙන්නේ?"-සොල්දාදුවා.

"මම මේ දෙන මායා තෙල් වලින් බිංදු දෙකක් තුනක්  ඉහපන්.එතකොට හරි.ඌ උඹට හාම්පුත වගේ සලකයි."

"ඊට පස්සේ "

"රිදී කාසි තියෙන කාමරයක් එහා පැත්තේ තියෙනවා.ඒකෙ හිටිය වුර්කයා වගේ 10 ගුණයක් පමණ විශාල වුර්කයෙක්.එපමණටම රිදී කාසිත් පිරිලා. කලින් විදියටම මේ තෙල්වලින් බිංදු 2 හෝ 3 පමණ  ඉහපන්."-රකුසිය

"ඊළඟ කාමරයේ ඇසක් කරත්ත රෝදයක් පමණ වුර්කයෙක් ඉන්නවා.උටත් මේ තෙල් ඉහින්න ඕනෑ.හැබැයි ඒකෙ රන්කාසි පිරිලා."

ඔබට මොනවාද අවශ්‍ය කියලා සොල්දාදුවා රකුසියගෙන් ඇසුවා.

මට කිසිත් අවශ්‍ය නෑ කියා පිළිතුරු දුන්නා.ඒකෙ ගිනිපෙට්ටියක් තියෙනවා .මගේ පවුලේ කොටසක් ඒක.
මෙන්න තෙල් කුප්පිය ගන්න.මේ කඹේ එල්ලිලා පහලට යන්න.මම කඹේ අල්ලාගෙන ඉන්නම්.-රකුසිය 

කියපු විදියටම කරපු ඔහු රන් කාසි වලින් සාක්කු පුරවා ගත්ත.ගිනිපෙට්ටියත් සොයා ගත්තා .

සියල්ල රැගෙන යනවිට ළිදෙන් උඩට එන විටම ගිනිපෙට්ටිය කොහේදැයි ඇසුවා.

සොල්දාදුවා -උඹට මොකටද ඒක?

"උඹට වැඩක් නෑ දීපන් ගිනිපෙට්ටිය."

ඊළඟට කුමක් වෙයිද ; කතාවේ ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.

1 comment:

  1. blogger_logo_round_35

    ලස්සන කෙටිම කෙටි කතාවක් .ඔබත් කියවන්න.

    ReplyDelete

Post Bottom Ad

Pages