මායා ගිනිපෙට්ටිය සහ සොල්දාදුවා (3 කොටස) - Pleasure of Mind

For Human's pleasure

Home Top Ad

ALL OF YOU WELCOME!THANKS FOR COMING#

Post Top Ad

Wednesday, March 21, 2018

demo-image

මායා ගිනිපෙට්ටිය සහ සොල්දාදුවා (3 කොටස)

Responsive Ads Here

මායා ගිනි පෙට්ටියේ අවසාන කතාව 

063016-Royal-Wedding-Princess-Hajah-Hafizah-Sururul-Bolkiah-Pengiran-Haji-Muhammad-Ruzaini


ඇයව ලබා ගැනීමට සොල්දාදුවා අදිටන් කරගත්තා.

පසු දින කුමරිය රජතුමාට තමා  පසු දින හීනෙන් විශාල වුර්කයෙක් සොල්දාදුවෙක් වෙත ගෙන ගියා කියලා කිව්වා.මේ කතාවට රජතුමාට හොඳටම කේන්ති ගියා.
ආරක්ෂාව තව වැඩි කල රජතුමා නිදාගැනීමට ඇතුළතට තව ගැහැනියක් යෙදුවා.


සුපුරුදු ලෙසම රාත්‍රියේදී  කුමාරිකාව ගෙනාවා.අර ගැහැණිය වුර්කයා පසුපසින්ම ගියා.අතුල්වූ ගෙදර දුටු ඇය ගෙදර කතිරයක් දැම්මා.
කිසිවිටෙක සොල්දාදුවා කුමාරිකාවට කරදරයක් කලේ නෑ.  නැවතත් වුර්කයා කුමාරිකාව මාලිගයට ඇරලුවා.එන අතරතුර කතිරය දුටු වුර්කයා සෑම ගෙදරකම කතිර දැම්මා.
පසු දින මේ පිළිබඳව කියූ ගැහැණිය රජතුමන් හා පිරිස සමඟ සොල්දාදුවා ඇල්ලීමට ගියා. රජතුමා "මේ තියෙන්නේ ඒ ගෙදර ".
නැහැ රජතුමනි අරකයි ගෙදර කියලා බිසව කිව්වා. බලාගෙන ගිය විට සියලු ගෙවල් වල කතිර දුටු රජතුමා කෝපයට පත් වුනා.නැවත සියල්ලෝම බලාපොරොත්තු සුන් වී මාලිගයට ගියා.

බිසව උපායක් යොදවා කුමරියගේ පිටේ ඉතා සියුම් හාල් පොට්ටනියක් ගැට ගැසුවා.නැවත සුපුරුදු ලෙස වුර්කයා කුමාරිකාව ගෙන ගියත් හැලෙන හාල් වුර්කයා දුටුවේ නෑ.කුමාරිකාව නැවත වුර්කයා මාලිගයට ගෙන ආවා.
වැටුන හාල් දිගේ ආපු රජතුමා සොල්දාදුවාව අල්ලාගත්තේය. පසුදින  සොල්දාදුවාට මරණ දඬුවම නියම විය.

රජතුමා ඉදිරියට ගෙනා සොල්දාදුවාට කියන්න යමක් තියෙනවාද කියලා ඇසුවා.
"රජතුමනි, මට අවසාන වතාවට දුම් පයිප්පයෙන් දුම් බොන්න පුලුවන්ද?"
"මරණයට කැපවූ අයගේ අවසන් කැමැත්ත ඉටු කිරීම පෙර සිට එන සිරිතක්.එයට අවසර දෙමි." යනුවෙන් රජතුමා පැවසුවා.

සොල්දාදුවා මායා ගිනිපෙට්ටියෙන් කූරු 3 ගැහුවා.එකපාරටම වුර්කයන් තිදෙනාම ඉදිරියට පැමිණියා.

සොල්දාදුවා රජතුමාට මෙසේ පැවසුවා.

"මේ වුර්කයන්ගේ හැටි පේනවද රජතුමනි?කුමරිය විවාහ කර නුදුන්නොත් ඔක්කොම චප්ප කරලා දාන්න අණ කරනවා."

රජතුමා මොහොතක් බලා සිටියා වුර්කයන් දිහා.විශාලත්වය දුටු රජතුමා  විවාහ කරදීමට කැමති වුනා.

සතියකින් සොල්දාදුවා සහ කුමරියගේ විවාහය සිදුවුනා.එදිනට විවාහයට විශාල අමුත්තන් තුන්දෙනෙක් පැමිණියා.ඒ කවුදැයි ඔබටම සිතාගත හැකියි.' 

Post Bottom Ad

Pages